මිතුරෙක් ඝාතනය කළ මිතුරන් දෙදෙනාට අධිකරණයෙන් දුන් දඬුවම

 11/14/2017 - 13:06
86 reads

මිතුරන් දෙදෙනෙකු විසින් පහරදී තවත් මිතුරෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත හලාවත මහාධිකරණය හමුවෙහි විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එහිදී විත්තිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට මිනී මැරිමේ චෝදනාව මත මරණ දණ්ඩනය නියම කළ අතර අනෙක් විත්තිකරුට රුපියල් දහසක දඩ මුදලක් සමඟ බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කළ බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.
මෙලෙස දඩුවම් නියම වූ පුද්ගලයින් නාත්තණ්ඩිය, මාවිල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
පැමිණිල්ලේ සාක්කි අනුව මිය ගිය තැනැත්තා සහ විත්තිකරුවන් මිතුරන් වු අතර ඔවුන් අදාල සිද්ධිය වු දින මත් පැන් පානය කර තිබෙනවා.
එහිදී සිදුකළ විහිළුවක් දුර දිග යාම හේතුවෙන් විත්ත්කරුවන් දෙදෙනා කොසු මිටකින් සහ පොල්ලකින් පහර දී 2005 වසරේදී තම මිත්‍රයා ඝාතනය කර ඇති බවයි පරීක්ෂණ වලින් හෙලි වුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news