වෛද්‍ය පීඨ සිසුන් යළිත් දේශනවලට පැමිණෙයි

 11/14/2017 - 13:01
13 reads

එළඹෙන 20 වනදා සිට නැවතත් දේශනවලට සහභාගීවීමට තීරණය කළ බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසනවා.
එහි කැඳවුම්කරු රයන් ජයලත් කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  රැස්වී මෙම තීරණය ගත් බවයි.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් පසුගිය ජනවාරි මාසයේ සිට රජයේ වෛද්‍ය පීඨ සිසුන් මාස 10 ක පමණ කාලයක් පන්ති වර්ජනයක නිරත වුණා.
රජය විසින් ලබාදුන් විසඳුම් සැලකිල්ලට ගනිමින් ලබන 20 වනදා සිට පන්ති වර්ජනය අවසන් කර දේශනවලට සහභාගීවීමට තීරණය කරනු ලැබුවද සයිටම් විරෝධී අරගලය මින් අවසන් නොවන බවයි රයන් ජයලත් පවසන්නේ.
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජය ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොවුණහොත් යළි දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට  පියවර ගන්නා බව  රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් වැඩිදුරටත් කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news