නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි වීමේ අවදානමක්

 11/14/2017 - 12:25
131 reads

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බව වාර්තා වනවා.
ඒ, කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සීබී.රත්නායක, දිළුම් අමුණුගම සහ පවිත්‍රා වන්නිආරච්චි යන පිරිස සම්බන්ධවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වනු ලබන මීළග මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
විනය පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් සැළසුම් කර ඇති බව සඳහන්.
මෙම තීන්දුව පිළිබඳව නිව්ස් 24 එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ඒ පිළිබඳව මෙතෙක් දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවයි. එම නිසා ඒ සම්බන්ධයෙන් කතා කිරීමට හැකියාව ලැබෙන්නේ එලෙස ලිඛිතව දැනුම්දීමකින් පසුව බවයි ඔහු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත් ද යන්න පිළිබඳව නිව්ස් 24 එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතාගෙන් විමසීමක් කළා.

අපේ රටේ ජනාධිපතිතුමා වගේ මමත් පුවත්පත්වලින් තමයි දැනගත්තේ. මම නම් මේ කාරණය දන්නේ නෑ. එහෙම එනවා නම් චෝදනා පත්‍රයක් ආවොත් ඒකට පිළිතුරු සපයන්න නිරන්තරයෙන් සූදානම්.

මේ අතර, එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානම් වන බවට ද වාර්තා වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news