පුත්තලමේ ඩෙංගු ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යයි

 11/14/2017 - 11:09
9 reads

වසරේ ගතවූ කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 5,886 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මෙම මාසය තුළදී පමණක් එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 197 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය ද ප්‍රකාශ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news