වැඩිහිටි ජනගහනයෙන් 15%කට දියවැඩියාව

 11/14/2017 - 11:07
6 reads

මෙරට වැඩිහිටි ජන ගහනයෙන් සියයට 15කට අධික ප්‍රතිශතයක් දියවැඩියා රෝගීන් බවට හදුනාගෙන තිබෙනවා.
ලොව පුරා මිලියන 422 කට අධක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙලෙන බවටයි  මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
දියවැඩියාව සහ කාන්තාව යන තේමාව පදනම් කර ගනිමින් ලෝක දියවැඩියා දිනය අද සමරනු ලබනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ නිවැරදි ආහාර රටාවක් සහ ව්‍යායම නොමැතිවීම දියවැඩියා රෝගයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
කාන්තාවන් වැඩි වශයෙන් දියවැඩියා රෝගයට ගොදුරු වන බවට ද අනාවරණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවසුවේ කාන්තාව දැනුවත් කිරීම තුළින් දියවැඩියා රෝගය අවම කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news