මීරිගම රූපලාවන්‍යාගාරයකදී තරුණියක් මිය යාමට හේතුව විදුලි කාන්දුවක් දැයි සැකයක්

 11/14/2017 - 10:34
171 reads

මීරිගම පොලිසිය ඉදිරිපිට පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී තරුණියක් සැකකටයුතු අන්දමින් මිය යාමට හේතුව විදුලි කාන්දුවක් දැයි පොලීසිය සැක පල කරනවා.
රූපලාවන්‍ය කටයුතු සම්බන්ධයෙන් පුහුණුවීම සඳහා එම ආයතනයට පැමිණි අදාළ තරුණිය ඊයේ දහවල් මෙලෙස මිය ගොස් තිබුණා.
21 හැවිරිදි මීරිගම, කිතලවලාන ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය රූපලාවන්‍යාගාරය තුළ මියගොස් සිටින ආකාරය ප්‍රථමයෙන් දැක තිබුණේ අදාළ ගොඩනැගිල්ලේ හිමිකාර කාන්තාව විසින්.
තරුණිය මියගිය ස්ථානය අසල කොණ්ඩය වියලන විද්‍යුත් උපකරණයක් හා විදුලි පේනුවක් ද හමුවී තිබෙනවා.
එම ස්ථානය අවට ජලය ද විසිරී තිබූ අතර පොලිසිය සැක පළ කරන්නේ තරුණිය විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවටයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news