මුම්බායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් යානයක හදිසි කාර්මික දෝෂයක්

 11/14/2017 - 07:47
464 reads

කටුනායක සිට ඉන්දියාවේ මුම්බායි බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ යළි ගොඩබස්වා තිබෙනවා.
ගුවන්තොටුපල පාලනාධිකාරිය පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමයට අයත් යූ.එල්. 141 දරණ ගුවන් යානය මෙලෙස හදිසියේ ගොඩබැස්සූ බවයි.
ඊයේ රාත්‍රී 11.47 පමණ මෙලෙස මුම්බායි දක්වා පියාසර කිරීම ආරම්භ කළ ගුවන් යානය යළි ගොඩබස්වා ඇත්තේ අළුයම 1.55ට පමණයි.
එම යානයේ මගින් අළුයම 3.34 ට පමණ වෙනත් යානයකින් යළි මුම්බායි දක්වා ගමන් කිරීමට අදාළ පහසුකම් සැළසීමට ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කර තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news