මිල්ලනියේ නිවසක දී දෙදෙනෙකු ගෙල වැලලාගනී

 11/14/2017 - 07:34
94 reads

මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ නිවසක දී පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ගෙල වැලලාගෙන සිය දිවි හානි  කරගෙන තිබෙනවා.
සිය නිවසයේ වහලයේ ගැට ගැසූ ලණුවක ආධාරයෙන් ඔවුන් සිය දිවි හානි කර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි මිල්ලනිය පරගස්තොට ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු සහ 19 හැවිරිදි ජෝතිපුර කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ මිල්ලනිය පොලීසිය මගින් ක්‍රියාත්මකයි.
මේ අතර බලංගොඩ රන්දොළවත්ත ප්‍රදේශයේදී කුඩා දැරියක් සැකකටයුතු ලෙස නිවසේ බාල්කයේ ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයා ගැනුණා.
බලංගොඩ කිරිමැටිතැන්න විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ අදාළ දැරිය ඉගෙනුම ලබමින් සිටි බවයි වාර්තා වුණේ.
මෙය සිය දිවි හානි කර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news