ගාමිණි සෙනරත් හමු නොවූ බව සාගල කියයි

 11/14/2017 - 07:05
14 reads

හිටපු ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා තමන් හමුවූ බවට ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි හා පුවත්පත්වල පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
දූෂිත පුද්ගලයින් සමග ගනුදෙනු සිදු කිරීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම පෙන්වා දෙන්නේ.
දූෂිත ක්‍රියා පිළිබඳ විමර්ශනය කර වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබා දීම සඳහා වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නා.
නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස එය ඉටු කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි සාගල රත්නායක මහතා පෙන්වා දෙන්නේ.
තමන් ගාමිණී සෙනරත් මහතා හමුවූ බවට පළවන වාර්තා පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව ද ඔහුගේ නිවේදනයේ දැක්වෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news