ඉන්ධන අර්බුදය ගැන සෙවීමට පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාව අද ජනපතිට

 11/14/2017 - 06:57
10 reads

ඉන්ධන අර්බුදය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද භාරදීමට නියමිතව තිබෙනවා.
පසුගියදා මෙරට ඇති වු පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබුවා.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලි චම්පික රණවක යන මහත්වරුන් ඇතුළත්.
එම අනුකමිටුව විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස් කර ඇති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news