ටියුෂන් ගුරුත් සමග ගංජා උරමින් සිටි සිසුන් අටක් මාට්ටු

 11/13/2017 - 19:37
92 reads

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 8 දෙනෙකු සමග උපකාරක පංති ගුරුවරයෙකු ගංජා භාවිතා කරමින් සිටියදී  මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහරගම නගරයේම අදාළ උපකාරක පංතිය ආසන්නයේ සිටියදී එම පිරිස අත්අංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් සතුව තිබූ ඔතන ලද ගංජා දුම්වැටි 9 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.
මේ අතර, මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
උසස් පෙළ සිසුන් දෙදෙනෙකු සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවෙකු මෙලෙස තුවාල ලබා හෙම්මාතගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news