ස්ථාන මාරුවක් මුල් කර ගනිමින් ලිඳුල රෝහලේ වෛද්‍යවරුන් හා කනිෂ්ඨ සේවකයින් වැඩ වර්ජනයක

 11/13/2017 - 18:29
10 reads

ලිඳුල රෝහලේ වෛද්‍යවරුන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (13) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ප්‍රභාෂ් කරුණානායක මහතා පවසනවා. ඒ ලිඳුළ රෝහලේ ස්ථාන මාරුවීමක් ලබා ගිය හෙද නිලධාරිනියක් යළි එම රෝහලටම ස්ථාන මාරුවක් ලබා පැමිණීමට විරෝධය දක්වමිනි.
අදාළ හෙද නිලධාරිනිය රෝහලේ පරිපාලන කටයුතුවලට අභියෝග කිරිම හේතුවෙන් ඇයට ස්ථාන මාරුවක් ලාබදෙන ලෙස තමන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් කළ ඉල්ලීමක් මත එම හෙද නිලධාරිනිය කොටගල රෝහලට මාරු කර යැවුණු බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසන්නේ. එහෙත් අදාළ ස්ථාන මාරුව අවලංගු කර ගනිමින් යළිත් එම නිලධාරිනිය සේවයට වාර්තා කර ඇති බවද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසනවා. ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 9 වැනිදා මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍යවරයා හා මධ්‍යම පළාතේ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැති අවස්ථාවේදී තමන් අපහසුතාවයට පත්වන අයුරින් මධ්‍යම පළාත් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසන්නේ.
කෙසේ වෙතත් ස්ථාන මාරුවීම අවලංගු කරගනිමින් නැවත සේවයට පැමිණි හෙද නිලධාරිනිය ඇතුළු පස් දෙනෙකු සහ කනිෂ්ඨ සේවාකිවන් තිදෙනෙකු පමණක් රෝහලේ කටයුතු කරන බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් එම රෝහලේ හෙද නිලධාරිනි ඉරේෂා පරණවිතාන මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ තමන් වසර 16ක් තිස්සේ හෙදියක් වශයෙන් කටයුතු කරන බවයි. එහෙත් කිසිදු අවස්ථාවක රෝහලේ පරිපාලන කටයුතුවලට කිසිදු අභියෝගයක් නොකළ බවත් තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ අනුව හිමි වියු යුතු වරප්‍රසාද පමණක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බවත් පැවසීය. එසේම මධ්‍යම පලාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගෙන් ස්ථාන මාරුවක් ඉල්ලා කළ ඉල්ලීමට මාරුවීමක් ලබානොදී එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයාගේ ඉල්ලීමක් මත තමන්ට ලබාදුන් ස්ථාන මාරුව පිළිගත නොහැකි බවද ඇය වැඩිදුරටත් පවසනවා. කෙසේ වෙත්ත තමන් කළ ඉල්ලීමට ස්ථාන මාරුවක් ලබාදෙන්නේ නම් පමණක් තමන් ඕනෑම අවස්ථාවක එම ස්ථාන මාරුව පිළිගන්නා බවයි ඉරේෂා පරණවිතාන මහත්මිය පවසන්නේ.

 

 

ස්ථාන මාරුවක් මුල් කර ගනිමින් ලිඳුල රෝහලේ වෛද්‍යවරුන් හා කනිෂ්ඨ සේවකයින් වැඩ වර්ජනයක

news24.lk
News24
sri lanka news 24
24 news