අරඹේපොල රතනසාර හිමිට ඇප

 11/13/2017 - 15:31
49 reads

මියන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථානයක් අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අරඹේපොල රතනසාර හිමිට ඇප ලබාදී තිබෙනවා.
ඒ අදාළ  නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි. එහිදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය කර ඇති බවයි වාර්තා වන්නේ. නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර උන්වහන්සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news