හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුව කල් යයි

 11/13/2017 - 14:36
96 reads

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් දෙකෝටි අනූ හතර දහසක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත දිවි නැගුම ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 05ක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තවත් අයෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කැදවනු ලැබුවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේයි.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා හමුවේ විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බවයි.
එය මේ මස 21 වනදා සලකා බලන බැවින් අද දිනයේ නඩුව විභාගයට නොගෙන වෙනත් දිනයක සිදු කරන ලෙස ඉල්ලීමක් කළා.
ඊට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ අධි නීතිඥවරයා කියා සිටියේ බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ දිගින් දිගටම නඩුව කල් දමා ගැනීමට බවයි.
ඒ අනුව විත්තිය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය සහ තමන් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගන්නේද නැද්ද යන නියෝගයත් අනිද්දා ලබාදෙන බවයි මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news