විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක්

 11/13/2017 - 14:00
264 reads

විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බවයි.

එම දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ වැඩ තහනම් කිරීමට පසුගිය දා පියවර ගනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Akila Viraj
Exam
Education