වසර ගණනාවකට පසු ඉරණමඩු ජලාශය වාන් මට්ටමට එයි

 11/13/2017 - 13:46
47 reads

යාපනය ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාපතනත් සමඟ අරාලි කලපුවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එම දිස්ත්‍රික්කයට බලපා තිබූ  දැඩි නියඟය මේ වනවිට පහව ගොස් ඇති බවයි.

මේ අතර, උතුරු පළාතට ජලය සපයන කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාල නිළධාරීන් පැවසුවේ ජල මට්ටම අඩි 18.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉරණමඩු ජලාශයේ  ජල ධාරිතාව අඩි 36ක්.  
පැවති නියං සමයේ ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි හතක මට්ටමට පහළගියා.
වාරිමාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන් පැවසුවේ ජලාශයට ජලය එක්වීම හේතුවෙන් කිලිනොච්චිය ජනතාව මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කොට ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Iranamadu
Tank
Water
Weather