කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනයේ යතුරු පැදිකරු අත්අඩංගුවට

 11/13/2017 - 13:35
178 reads

කොස්ගොඩ, කුරුඳුගම්පියස, මැණික් ගම්මානය යන ප්‍රදේශවලට යතුරු පැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් විසින් වෙඩි තබා පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වු එක් පුද්ගලයකුගේ බිරිඳ විසින් සිද්ධිය වු අවස්ථාවේ දී හඳුනාගත් මෙම සැකකරු ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

22 හැවිරිදි කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ පදිංචි මෙම  සැකකරු ඊයේ රාත්‍රී 11.30 ට පමණ කටුවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Kosgoda
police