පෙට්‍රල් ගැටලු‍වේ වාර්තාව හෙට ජනපතිට - අර්බුදය නිර්මාණය කළ පුද්ගලයන්ට වැඩ වරදී

 11/13/2017 - 12:52
11 reads

පෙට්‍රල් ගැටලු‍ව සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාව හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතව තිබෙනවා.

පසුගියදා මෙරට ඇති වු පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබුවා.

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව සඳහා අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලි චම්පික රණවක යන මහත්වරුන් ඇතුළත්.

එම අනුකමිටුව විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස් කර ඇති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළා.

මේ අතර ව්‍යාජ ඉන්ධන අර්බුදයක් නිර්මාණය කරමින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රීයාත්මක කරන බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

හෙතෙම කියා සිටියේ ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි.

අද පාර්ලිමේන්තු විවාදයේ දී චමින්ද විජේසිරි මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා මේ බව කියා සිටියා.

මේ අතර අර්බුදය සම්පුර්ණයෙන්ම විසඳා අවසන් බව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසනවා.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
petrol shortage