දිවුලපිටියේ ගින්නෙන් වෙළෙඳ සැල් 08ක් විනාශයි

 11/13/2017 - 10:10
49 reads

දිවුලපිටිය නගරයේ ඔරලෝසු කණුව වට රවුම ඉදිරිපිට කොළඹ මාර්ගයේ පිහිටි කඩ පෙළෙහි හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ හටගත් එම ගින්නෙන් වෙළෙඳ සැල් 08ක් සම්පූර්ණයෙන් විනාශ  වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රෙදිපිළි, වාහන සහ විදුලි භාණ්ඩ මෙම වෙළෙඳ සැල් තුළ අලෙවි කර ඇති අතර ගින්නෙන් එම භාණ්ඩ රැසක් විනාශ වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් ඊට හේතු වන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

ගින්න නිවා දමන අවස්ථාවේ දී නගරයේ විදුලිය විසන්ධි කර ඇති අතර රථ වාහන තදබදයක් ද හටගත් බවයි වාර්තා වුණේ.

news24.lk
News24
sri lanka news 24
24 news
DIvulapitiya
Fire