මාස 10කට පසු වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු ඇරඹේ

 11/13/2017 - 09:06
50 reads

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කඩිනමින් දැනුම් දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරනවා.

මෙම ලිපිය සම්බන්ධයෙන් පැහැදිලි කළ එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලු‍ත්ගේ මහතා කියා සිටියේ සිය ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවදානය යොමු කරනු ඇති බවයි.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදී ඇති එකඟතාවන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

එම නිසා සයිටම් විරෝධී අරගලය පූර්ණ ජයග්‍රහණයක් දක්වා ගෙන යාම සඳහා මෙතෙක් ගෙන ආ ක්‍රියාමාර්ග වලින් බැහැරව වෙනස් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම  සයිටම් ගැටලුවට රජය යෝජනා කළ විසදුම් හේතුවෙන් අද දින සිට යළි අධ්‍යයන කටයුතු සඳහා යොමුවන ලෙස විශ්වවිද්‍යාල උපකුළපතිවරුන්ගේ කමිටුව වෛද්‍ය සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එම කමිටුවේ සභාපති මහාචාර්යය රංජිත් විජේවර්ධන මහතා කියාසිටියේ සියලු වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන්නැයි පීඨාධිපතිවරුන්ට ද දැනුම්දී ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
SAITM
faculty of medicine