ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන රැළි මාලාව අනුරාධපුරෙන් ඇරඹේ

 11/12/2017 - 21:32
182 reads

ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් රට පුරා සංවිධානය කරන දේශපාලන රැළි මාලාවේ පළමු ජන රැළිය අද පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී පැවැත්වුණා.
ඒ,  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
රැළිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්ව සිටින අතර විශාල පිරිසක් ඊට එක්ව සිටින බවයි නිව්ස්24 වාර්තාකරු පැවසුවේ.
ජන රැළියට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතු`ඵ පිරිස අද පෙරවරුවේ අනුරාධපුරයේ දී ආගමික වතාවත්වල නිරත වුණා.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගත් පිරිස, රැස්ව සිටි පිරිස සමඟ සුහද පිළිසඳරක නිරත වූ බවයි නිව්ස්24 වාර්තාකරු පැවසුවේ.
මේ, රැළියට එක්වෙමින් අදහස් දැක්වූ හිටු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියා සිටියේ දේශීය ආර්ථිකය නැති කරමින් රජයේ බැංකු දුර්වල කරමින් පෞද්ගලික අංශය දියුණු කරමින් රට විදෙස් ධනපතීන්ට විකුණමින් සිටින බවයි. එසේම වත්මන් රජය රට නැවත යටත් විජිත තත්ත්වයකට පත් කිරීමට සූදානම් වන බවද ඔහු කියා සිටියා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද රැළියට එක්වෙමින් අදහස් පළ කළා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එස්.බී. දිසානයක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි සොයිසා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් මැතිවරණයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවයි. එසේම මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් ආණ්ඩුව සමග එක්වීමට සාකච්ඡා පවත්වන බවට එස්.බී. දිසානායක මහතා පවසන බවත් එහෙත් එය යථාර්ථය නොවන බවත් වෙල්ගම මහතා කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news