ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක ඇඟයීම ලබන 15 වනදා ඇරඹේ

 11/12/2017 - 21:09
11 reads

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක ඇඟයීම ලබන 15 වනදා ආරම්භ වනවා.
විශ්ව කාලාවර්තක ඇගයීම යටතේ සාමාජික රටවල මානව හිමිකම් තත්වය පිළිබඳව ඇගයීමක් සිදු කෙරෙන අතර, එහිදී මානව හිමිකම් තත්වය වැඩිදියුණු කරලීම සඳහා අදාළ රටවල් ගෙන ඇති පියවර පැහැදිළි කිරීමට ද අවස්ථාව හිමිවනු ඇති.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී නොවැම්බර් 15 වනදා ආරම්භ වන මෙවර ඇගයීම යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව  බුරුන්ඩි, දකුණු කොරියාව සහ වෙනිසියුලාව යන රටවල නියෝජිතයන් සැකසූ වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය මෙලෙස ඇගයීමට ලක්වන්නේ තුන්වන වරටයි.
මීට පෙර 2008 වසරේ මැයි මාසයේදී සහ 2012 වසරේ නොවැම්බරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල ඇගයීම් සිදු කෙරුණා.
ශ්‍රී ලංකාව පිළිබඳ මෙවර පැවැත්වෙන ඇගයීමේදී රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දැක්වීමට ද නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news