ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අර්බුද උග්‍ර වෙයි - විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් නව පක්ෂයක්

 11/12/2017 - 19:28
46 reads

ද්‍රවිඩ ජනතා සංසදයේ විශේෂ රැස්වීමක් අද උතුරු පළාත් මහ ඇමැති   සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත් වුණා.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී  තරග කරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වුණේ.
දෙමළ ජනතා සංසදය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඉදිරි මැතිවරණයේ දී තරග කරනවාද යන්න පිළිබඳව එහිදී අදහස් පළ වී තිබෙනවා.
මෙම රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වූ උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසි සේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්ථනය නොකරන බවයි.
නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය පවතින බවයි එහිදී සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ.
මේ අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ රැස් වුණා.
ඒ දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධීරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය හා දෙමළ ජාතික සන්ධානයේ පවතින අර්බුධ සම්බන්ධයෙන් එහිදී දීරඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news