පිටිගලදී ගිනි අවියක් සමග දෙදෙනෙක් මාට්ටු

 11/12/2017 - 17:23
51 reads

ගාල්ල පිටිගල, ගං ඉම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා සිදු කළ හදිසි සෝදිසියකදී ත්‍රීරෝද රථයක තිබී බෝර 12 ගිනි අවියක්, උණ්ඩ හතරක් සහ තහනම් පිහියක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මානපිට හා හත්තක ප්‍රදේශවල පදිංචි 23 සහ 37 වන වියේ පසුවන පුද්ගලයන් බවයි පිටිගල පොලිසිය පවසන්නේ. සැකකරුවන් අද(12) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

 

 

ඡායාරූප - සුනෙත ගාල්ලගේ - ගාල්ල/ඩී.ජේ. විජේසිංහ - පිටිගල

news24.lk
News24
sri lanka news 24
24 news