ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ සැකකරුවෙකු දැලේ

 11/12/2017 - 16:34
92 reads

ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මැලේසියාවේ සිට මෙරටට  පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මස්කට් නුවර සිට දිවයිනට පැමිණ ඇති අතර ඔහුගේ ගමන් බලපත්‍රයේ තොරතුරුවල පැවති ගැට`ඵ සහගත තත්ත්වයක් හේතුවෙනුයි පරීක්ෂා කර ඇත්තේ.
පසුගිය 09 වන දා තමන්ට අයත් ගමන් බලපත්‍රයෙන් සැකකරු සිංග්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ව්‍යාජ බලපත්‍රයක් සාදා ගනිමින් මැලේසියාවට ගොස් තිබෙනවා.
ඔහු මෙලෙස යුරෝපා රටකට යාමට උත්සාහ දරා ඇති බවටයි මේ වනවිට සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news