වළවේ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනෙයි

 11/12/2017 - 15:24
4 reads

බලංගොඩ, හපුගහකුඹුර, නාගහ ඇල්ල, වැලි තොටුපල අසල වලවේ ගඟේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් සිටි පුද්ගලයා බණ්ඩාරවෙල, ඇල්ල, ගොටුවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකුගේ බවටයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ විවාහක තිදරු පියෙකු වන අතර ඔහු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බව පවුලේ ඥාතීන් විසින් ඇල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ද කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news