සුරාබදු නිලධාරියෙකුත් කේරළ ගංජා ජාවාරමක

 11/12/2017 - 12:46
49 reads

කේරළ ගංජා තොගයක් ලග තබාගෙන සිටි සුරාබදු නියාමකවරයෙකු මඩකළපුව කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව සුරාබදු කාර්යාලයේ රාජකාරී කටයුතු කරන අදාළ සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 775 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඔහු කාන්තන්කුඩි පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන්.

සැකකරු අද මඩකළපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කේරළ ගංජා කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වවුනියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ සිට වව්නියාව දක්වා ධාවනය වු සුඛෝපභෝගී බස් රථයකින් අදාළ සැකකරුවන් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බව සඳහන්.

37 සහ 38 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා අද වව්නියාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Excise officer
arrested
with Kerala Ganja
Batticaloa
Vavuniya