හිටපු ජනපති ගයූම් ශ්‍රී ලංකාව ගැන කියයි - නාමල්ගෙනුත් ප්‍රතිචාර

 11/12/2017 - 10:58
296 reads

මාලදිවයිනට වඩාත් හිතවත් සහ විශ්වාසවන්ත මිත්‍රයා වුයේ ශ්‍රී ලංකාව බව  එරට හිටපු ජනාධිපති මහමූන් අබ්දුල් ගයූම් (Mamun Abdul Gayum) පවසනවා.
මාලදිවයින හා ශ්‍රි ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවලට බාධා කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.


මාලදිවයින් පාලක ප්‍රගතශීලි පක්ෂයේ නායක රියාෂ් රෂිඩ් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ  එරට විපක්ෂයට ශ්‍රි ලංකාව සහාය ලබාදෙන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් මාලදිවයින හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් රියාෂ් රෂිඩ්ගේ චෝදනාව පිළිබද කණගාටුවට පත්වන බව සදහන් කර තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Maumoon Abdul Gayoom
Maldives
Namal Rajapakshe