ව්‍යාජ ඔප්පු ජාවාරම මැඩලන්න විමර්ශන

 11/12/2017 - 10:27
50 reads

ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් අලෙවි කිරීමේ ජාවාරම් වැලැක්වීම සඳහා කඩිනම් විමර්ශන සිදු කරන බව අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.
එමෙන්ම නීත්‍යානුකූල නොවන අයුරින් ඉඩම් අත්පත් කරගෙන ඇති පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news
Gayantha Karunathilaka
Palitha Range