ඔක්ටේන් 95ත් බෙදා හැර අවසන්

 11/12/2017 - 08:14
213 reads

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ද රට  පුරා බෙදා හැර අවසන් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා NEWS24 කළ විමසීමකදී සඳහන් කළේ ඊයේ සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් බෙදා හැරීම ආරම්භ කළ බවයි.

පසුගිය දා දිවයිනට පෙට්‍රල් රැගෙන ආ නෙවස්කා ලේඩි නෞකාවේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මුතුරාජවෙල බෝයාව වෙත ගොඩබෑම සිදු කරනු ලැබුවා.

අනතුරුව එම නෞකාව කොළඹ වරායට ලගාවීමෙන් පසුව කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ගොඩබෑමට කටයුතු කෙරුණා

ඒ අනුව මේ වන විට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ද දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර අවසන් බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා කියා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Octane 95
Octane 92
CEYPETCO
petrol shortage