ඉන්දීය ධීවරයන් වර්ජනය අත්හිටුවයි

 11/11/2017 - 20:25
3 reads

මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස බල කරමින් ඉන්දීය ධීවරයින් ආරම්භ කර තිබූ තෙදින වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ එරට තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා විසින් මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් 89 දෙනා නිදහස් කර දෙන බවට ලබා දුන් පොරොන්දුවක් මතයි.

තමිල්නාඩු ධීවර සංවිධාන සඳහන් කරන්නේ සිය ධීවරයින් 89 දෙනා යාපනය සහ වව්නියාව බන්ධනාගාරවල රඳවා ඇති බවයි.

ඒ හේතුවෙන් එම ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව ද අදාළ ධීවර සංවිධාන පෙන්වා දෙනවා.

සිය ධීවර ගැටලු විසඳීමට ඉන්දීය මධ්‍යම රජය අපොහොසත් වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news