ඉන්ධන ගැටළුවට වගකිව යුත්තේ කවුද? අමාත්‍යංශය හෙළි කරයි

 11/11/2017 - 13:08
296 reads

පසුගිය දා දිවයින පුරා ඇති වූ ඉන්ධන අර්බුදයට සෘජුව වගකිව යුත්තේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය බවට පළ වන වාර්තා අසත්‍ය බව එම අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ අදාළ සිදුවීමට අයි.ඕ. සී. සමාගමේ සිදු වූ ප්‍රමාදය ද මේ සඳහා බලපෑ බවයි.

මේ අතර පසුගිය දා ඇති වූ ඉන්ධන හිඟය පිළිබඳ විමර්හනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවකරුණු රැස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව NEWS 24 කළ විමසීමක දී උපාලි මාරසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම පසුගිය දා දිවයිනට පැමිණි නෙවස්කා ලේඩි නෞකාවේ පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අවසන් භාගයට පැමිණ ඇති බව ද උපාලි මාරසිංහ මහතා කියා සිටියා.

 

මේ අතර අයි.ඕ. සී. සමාගමට අයත් තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බව ද වාර්තා වනවා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news