මහ රෑ කොග්ගල්ලේ දී ලොරියකින් පොලිසියට වෙඩි - ප්‍රතිප්‍රහාර හමුවේ අයෙක් මරුට

 11/11/2017 - 13:01
136 reads

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම 12.05ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කරන්නේ කොග්ගල්ල, ලයිම හන්දිය ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් රාත්‍රී රාජකාරී කටයුත්තක නිරතව සිටින අවස්ථාවේ දී හිස් වැසුම් නොමැති යතුරු පැදියක් නැවතීමට සංඥා කෙරුණද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි.

එසැණින් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් පැමිණ ඇති අතර එයටද  නවත්වන ලෙසට  සංඥා කළත් එයද නොනවත්වා ධාවනය කර ඇත්තේ ලොරි රථයේ සිට පොලිස් නිලධාරීන්ට වෙඩි පහරවල් දෙකක් එල්ල කරමින්.

ඒ අනුව පොලිස් නිලධාරියෙකු ලොරි රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණත් ඇති ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

කෙසේ නමුත් අද උදෑසන එම ලොරි රථයේ ගමන් ගත් බව කියන පුද්ගලයෙකු හා තවත් පුද්ගලයෙකු නීතිඥයෙකුගේ මාර්ගයෙන් අම්බලන්තොට පොලිසියට භාර වී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද කෙසෙල් කැන් තොගයක් එම ලොරි රථයේ සඟවා ගෙන පැමිණි ඇති අතර  පොලිස් වෙඩි තැබීම හමුවේ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

පොලිසියට භාර වූ පුද්ගලයින් වැඩිදුරටත් කියා සිටියේ මියගිය පුද්ගලයා සහ සොරකම් කරන ලද කෙසෙල් කැන් තොගය වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝ මීටර් දෙක හමාරක් පමණ ඈතින් දමා පළා ගිය බවයි.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ සිරුර සහ කෙසෙල් කැන් තොගය පොලිසිය විසින් සොයා ගත්තා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
exchange of fire
police
Koggalle
Ambalantota