පුංචි ඡන්දයේ දින නියම කරන ගැසට් පත්‍රය නිකුත් කෙරෙයි

 11/11/2017 - 12:49
89 reads

පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුලත් ගැසට් පත්‍රය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැඩබලන මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ සිංහල සහ දෙමළ භාෂාවෙන් සමන්විත ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතින අතර එහි සිංහල ප්‍රකාශය අද රාත්‍රියේ හෝ හෙට උදෑසන නිකුත් කළ හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

මෙම ගැසට් පත්‍රයට පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය නොවැම්බර් පළමු වන දා අත්සන් තබනු ලැබුවා.

පසුව එය රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරුණු අතර අවස්ථා කිහිපයක දී සෝදුපත් බැලීම සඳහා යොමු කෙරුණූ අතර ඉන් අනතුරුවයි එම ගැසට් පත්‍රය අද දින ප්‍රකාශයට පත් කරන්නේ.

පළාත් පාලන  ඡන්දය පැවැත්වීමට අදාළ දින නියම කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීම අනිවාර්ය වනවා.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දය සඳහා දින නියම කෙරෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news