පෙට්‍රල් ලිටර් තිස් තුන් දහසක් ප්‍රවහානය කළ බවුසරයක් මාර්ගයෙන් ඉවතට

 11/10/2017 - 21:00
134 reads

මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත පෙට්‍රල් ලිටර් තිස්තුන්දහසක් ප්‍රවහානය කළ බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

අද  පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හෙන රෝහලට පිවිසෙන මාර්ගය ආසන්නයේය.

ඉදිරියට අධික වේගයෙන් ධාවනය වු ලංගම බස් රථ දෙකකට ඉඩ ලබාදිම යෑමේදි තම ඉන්ධන බවුසරය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවු බවයි එම ඉන්ධන බවුසරයේ රියදුරා පවසන්නේ.

එම ඉන්ධන බවුසරය පෙරලි යෑම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුර සිදුවු ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර තිබෙනවා.

මාර්ගයෙන් ඉවතට පැන ඇති බවුසරය මාර්ගයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු කරන බවයි ගිනිගත්හේන පොලිසිය පවසන්නේ.

මෙම අනතුරෙන් කිසිදුවෙකුට අනතුරක් සිදුවි නොමැති බව අනතුර පිළීබද පරික්‍ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news