නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයෙකුගේ වැඩ තහනම් කරයි

 11/10/2017 - 19:52
46 reads

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහු එලෙස වැඩ තහනමට ලක් කර ඇති බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේදී සිදුවූ විභාග පැවැත්වීම්, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, පිළිතුරු පත් පරීක්ෂාව වැනි විභාග සම්බන්ධ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමේ කටයුතු

පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news