ගම්පහ අධිකරණ සිර මැදිරියේදී වරදකරුවෙකු වසකයි

 11/10/2017 - 19:00
9 reads

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවකට ගම්පහ මහාධිකරණයේදී අද දින බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඩුවම් නියම වූ පුද්ගලයෙකු විස සහිත ද්‍රව්‍යයක්

ආහාරයට ගැනීමෙන් ගම්පහ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

NEWS 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ 2010 වසරේදී සපුගස්කන්ද පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුට හෙයියන්තුඩුව ප්‍රදේශයේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.

ඒ අනුව ඊට අදාළ නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණු අතර එම අවස්ථාවේදී ඔහු විසින් එම විෂ සහිත ද්‍රව්‍යය ආහාරයට ගෙන ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news