අයවැයට බාධා කරන පිරිසක් ගැන එජාපය හෙළි කරයි

 11/10/2017 - 18:50
127 reads

අය වැය දෙවැනිවර කියවීමේ විවාදය මේ වන විටත් පාර්ලිමේන්තුවේ  දී පැවැත්වෙනවා.

විවාදයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ ආණ්ඩුවේ ආර්ථික දැක්මට අදාල අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් බාධා කරමින් සිටින බවයි.

විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.

තමුන්නාන්සේලා පසුගිය අයවැයෙන් කිව්වා මුළු වියදම දරණව කිව්ව මේ ගරු සභාවේ සම්මත කරපු මුදලින් බිලියන 792ක් වියදම් කරේ නෑ. නිදහසින් පස්සෙ 1948 සිට මේ 69 වැනි අයවැය ලේකනය තෙක්. මේ හා සමානව විශාල පාර්ලිමේන්තු නොමග යැවීමක් ලංකා ඉතිහාසයේ කවදාවත් සිද්ද වෙලා නෑ. සමස්ත අයවැය ලේකනයෙන් පහෙන් එකක් සියයට විස්සක් වියදම් කරල නෑ බිලියන 792ක්.

මේ අතර, ජංගම දුරකතන කුළුනු සඳහා බද්දක් අය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා අදහස් පළ කරන අවස්ථාවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

විවාදය ලබන 16 දින දක්වා පැවැත්වෙන  අතර, අනතුරුව දෙවනවර කියවීමේ ඡන්ද විමසුම පවැත්වීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news