අය වැයෙන් මිල වැඩි වූ සහ අඩු වූ වාහන මෙන්න

 11/10/2017 - 16:26
1769 reads

ඇතැම් වාහන මිල රුපියල් ලක්ෂ ගණනින්  ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2018 අය වැය යෝජනා අනුව මෙම තත්වය උද්ගතවනි ඇති බවයි  සංගමය පෙන්වා දෙන්නේ.

මේ අනුව ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) රථ රුපියල් ලක්ෂ 75 කින් වැඩි වී තිබෙනවා.
ලෑන්ඩ් කෘෘසර් රථ මිල ඉහලගොස් ඇත්තේ රුපියල් ලක්ෂ 125කින්.

රුපියල් දස ලක්ෂයකින්  මිල  ඉහල යන වාහන

නිසාන් එක්ස් ට්‍රේල් (Nissan X-Trail),
මිට්සුබිෂී අවුට්ලෑන්ඩර් (Mitsubishi Outlander),
ටොයෝටා ප්‍රියෙස් Toyota Prius

රුපියල් 750,000කින් පමණ  මිල  ඉහල යන වාහන

ටොයෝටා ඇක්සිඕ (toyota axio),
ඇක්වා (AQUA),
හොන්ඩා වෙසෙල් (Honda Vezel)  
ග්‍රේස්

රුපියල් 200,000කින් මිල  ඉහල යන වාහන

ටොයෝටා ප්‍රිමියෝ (Toyota Premio)
ඇලිඔන් (Toyota Allion)

නිසාන් ලීෆ්  (Nissan LEAF) රථ රුපියල් මිලියනයකින් අඩු වී තිබෙනවා.

සුසුකි වැගන් සහ ටොයෝටා විට්ස් රථ ද රුපියල් ලක්ෂ 4කින් අඩුවී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ .

මේ අතර එන්ජින් ධාරිතාව 1000 ට අඩු මෝටර් රථ රුපියල් ලක්ෂයත් - එක්ලක්ෂ පනස් දහසත් අතර මිලකින් අඩු වෙනු ඇති.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news