සාම ප්‍රගතිය පිළිබද කැනඩාවේ ප්‍රසාදය

 11/10/2017 - 13:50
10 reads

මෙරට සාමය සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන ප්‍රගතිය පිළිබද කැනඩා රජය ප්‍රසාදය පලකරනවා.

මෙරටට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ කැනඩා නියෝජිතයින් පිරිසක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතුලු නියෝජිතයින් පිරිසක් හමුවී සිදු කළ සාකච්ඡා අතරතුරදි ඒ බව සඳහන් කළා.

එහිදි ඔවුන් පෙන්වා දුන්නේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ  සාරධර්ම ප්‍රවර්ධනය සඳහා රජය ගන්නා ප්‍රයත්නය අගය කරන බවයි.

මේ අතර, එම නියෝජිතයින් පිරිස මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ්  මැකෝන් මහතා ද හමු වූ අතර, එහිදි මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ,  ප්‍රජාතන්ත්‍රවාදය සියලු‍  රටවල සංවර්ධනය සදහා වඩාත් වැදගත්  වන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
David McKinnon
Ranil Wickramasinghe
Canada