ඇයට බලයක් රටට වෙනසක්

 11/10/2017 - 11:49
86 reads

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කාන්තාවන් සඳහා ඡන්ද ලබාදීමට ඡන්ද දායකයන් පෙළඹවීම සඳහා පා ගමනක් ලබන 14 වන දා කොළඹ දී පවත්වන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

ඇයට බලයක් රටට වෙනසක් යන තේමාවෙන් එම පාගමන පවත්වන බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදු වූයේ නිවැරදිව එය පැවැත්වීමට අවශ්‍ය නිසා බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
What is Holding Women Back in Sri Lanka
election