ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙයි

 11/10/2017 - 10:25
172 reads

ඉන්ධන සදහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

එය ලබන වසරේ මාර්තු වනවිට ප්‍රකාශයට පත් කරන බාවයි හෙතෙම සඳහන් කළේ.

 අද උදෑසන කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

2018 අයවැය සම්බන්ධයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය සතු ව්‍යාපාර ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය අඛන්ඩව සිදුකරන බවයි.

2019 වනවිට රාජ්‍ය බැංකු සිය ප්‍රාග්ධනයෙන් යැපෙන ආයතන බවට පත් කරන බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළා. 

සම්පූර්ණ අය වැය කතාව මෙතැනින්...

 

news24.lk
News24
sri lanka news 24
24 news
fuel
Price formula
Mangala Samaraweera
Budjet 2018