පියසේන ගමගේ පාර්ලිමේන්තුවේ දිවුරුම්දෙයි

 11/10/2017 - 09:41
91 reads

ගාල්ල දිස්ත්‍රික් නියෝජිත පියසේන ගමගේ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ.

දිවුරුම්දීමෙන් අනතුරව ලේඛණ කිහිපයකට අත්සන් තැබූ මන්ත්‍රීවරයා ආණ්ඩු  පක්ෂයේ අසුන්ගත්තා. එහිදී සභාවේ උණුසුම් පිළිගැනීමක් ද දක්නට  ලැබුණා.

 

අද පාර්ලිමේන්තු කටයතු ආරම්භයේදීම කතානායකවරයා දන්වා සිටියේ නව මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් නියෝජිත ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව ඊයේ කතානායකවරයා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ අයවැය කතාවට පෙරයි.

ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිභාවයක් දරන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 02 වෙනිදා තහවුරු කළේ.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කරනු ලැබුවේ පසුගිය මැයි මස 3 වනදායි.

ඒ, ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  ගොනු කරනු ලැබුවා.

පසුගිය මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 63955ක් ලබා ගනිමින් එ.ජ.නි.ස. ලයිස්තුවේ 05 වන ස්ථානය දිනාගත්තේ  ගීතා කුමාරසිංහ මහත්මියයි.

හත්වන ස්ථානය දිනා ගත්තේ  හිටපු ඇමති පියසේන ගමගේ මහතායි. ඒ ඡන්ද 47248 ක් ලබා ගනිමින්.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියගෙන්  හිස් වන පාර්ලිමේන්තු අසුන පියසේන ගමගේ මහතාට හිමිවුණා.

සබැඳි පුවත්

ද්විත්ව පුරවැසිභාවය විමසා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි

ගීතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන පියසේනට ... ඇමතිකමක් අපේක්ෂාවෙන්?

ගීතාගේ නඩු තීන්දුවටත් පෙර ප්‍රබල දේශපාලනඥයෙක් ගාල්ලේ රතිඤ්ඤා බෙදලා

"ගීතාගේ නඩු තීන්දුවෙන්ම නඩු දානවා " - පවිත්‍රා

ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කර ඇති බවට පළවන වාර්තා ගැන කතානායක කතා කරයි

ගීතා ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පැෆරල් සංවිධානයේ ප්‍රසාදය

news24.lk
News24
sri lanka news 24
24 news
Piyasena Gamage
Geetha Kumarasinghe
Galle
UPFA