ගීතාගේ මන්ත්‍රීභාවය අහෝසියි - කතානායක නිල වශයෙන් දන්වයි

 11/09/2017 - 18:38
56 reads

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී භාවය අහෝසි කරන බව කතානායක කරු ජයසූරිය මහතා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නා.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේ දී සභාවේ කටයුතු දැනුම් දෙමින්.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වීමත් සමග මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් පවතින බව ද කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

news24.lk
News24
sri lanka news 24
24 news
Geetha Kumarasinghe