UPDATE: හිටපු ජනපතිගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා අධිකරණයට ආවත් තීන්දුවක් නැහැ

 11/09/2017 - 14:00
171 reads

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස  කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වුණා.

අධිකරණයට ඉදිරිපත් වූ ගාමිණී සෙනරත් මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දු මත අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තමන් පෙනී සිටින බවයි.

කෙසේ වෙතත්, සැකකරුවන් ලෙස අධිකරණයට භාර නොවන බව ඔහු වෙනුවෙන් පෙණී සිටි නීතිඥයින් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියෝ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සම්බන්ධ මෙම සිදුවීම පිළිබඳ අධිකරණයට තීන්දුවක් ලබා දිය නොහැකි බවයි.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

හිටපු ජනපතිගේ පෞද්ගලික කාර්යමණ්ඩල ප්‍රධානියා අද අධිකරණයට (UPDATE: 2017-11-09 12:51)

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් වුණා.

පසුගිය 06 වනදා ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ අද දිනයේදී අධිකරණයට භාරවීමට තම සේවාදායකයා සූදානමින් සිටින බවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය මගින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම එදින කැදවූ අවස්ථාවේදී නීතිඥවරයා කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයේ පරීක්ෂණ සඳහා සහය වීමට තම සේවාදායකයා සූදානම් බවයි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය ගාමිණී සෙනරත් මහතාට එරෙහිව පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
MR
Gamini Senarath