රාගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු රෝහලේ

 11/09/2017 - 11:06
51 reads

රාගම, ගල්වලවත්ත කැන්දලියැද්දපාළුව ප්‍රදේශයේ නිවසක් මතට අඩි 30ක් පමණ උසින් පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.
පස් කන්ද කඩා වැටීම හේතුවෙන් නිවෙස සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතිබවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු නිවසේ සිට තිබෙනවා.
ඔවුන් 18, 34 සහ 35 යන වයස්වල පසුවන අතර මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news