ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කර ඇති බවට පළවන වාර්තා ගැන කතානායක කතා කරයි

 11/09/2017 - 08:43
182 reads

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
කතානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ කතානායකවරයා විසින් මන්ත්‍රීවරියට එවැනි කිසිදු තහනමක් පනවා නොමැති බවයි.
සාමාන්‍ය පුරවැසියෙකු ලෙසින් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට කිසිදු බාධාවක් නොමැති බව ද කතානායකවරයාගේ මාධ්‍ය ඒකකය පවසනවා.
කෙසේ වෙතත් මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඇයට පාර්ලිමේන්තුවට ප්‍රවේශවීමට අවස්ථාව හිමි නොවන බව ද අදාල නිවේදනයේ තවදුරටත් සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news