ලක්රජයට දැඩි ණය බරක් පටවා ඇතැයි අමෙරිකානු නිලධාරිණියක් කළ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි

 11/09/2017 - 08:11
97 reads

දරාගත නොහැකි අයුරින් චීනය විසින් ශ්‍රී ලංකා රජයට ණය බර පටවා ඇති බවට අමෙරිකානු නිලධාරිණියක් සිදුකල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව චීනය පවසනවා.
මෙරට චීන තානාපති යි ෂියන්ලියන් සදහන් කරන්නේ චීන රජය ශ්‍රි ලංකා ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා සහනදායි ක්‍රමවේදයක් යටතේ මුල්‍ය ණය ලබාදෙන බවයි.
පසුගියදා මෙරට සංචාරයක නිරත වු එක්සත් ජනපදයේ වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් විසින් අදාළ සංචාරය පිළිබද වාර්තාවක් එරට රජයට ඉදිරිපත් කර තිබුණා.
ඇගේ එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ  ශ්‍රි ලංකාවට චීනය විසින් විශාල ණය බරක් පටවා ඇති බවටයි.
කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා සදහන් කරන්නේ එය මුලුමනින්ම පදනම් විරහිත ප්‍රකාශයක් වන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news