රත්නපුරට සහ කෑගල්ලට නායයෑමේ අනතුරු ඇගවීම් - මුහුදේ සුළං වේගය ඉහළට

 11/09/2017 - 07:55
12 reads

පවතින වැසි සහිත කාළගුණයත් සමග රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අද රාත්‍රී 7 දක්වා මෙම අවධානම් නිවේදනය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව නාය යෑම් සහ කාළගුණය පිළිබඳව නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් එම ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනට බටහිර දකුණ සහ නිරිත දෙසින් පවතින ක්‍රියාකාරී  වළාකුළු පද්ධතිය හේතුවෙන් එම කළාප ආශ්‍රිත මුදුහු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව ධිවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉදිරි කාළගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ උදේනි විරසිංහ මහත්මිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. මේ නිසා අද දිවයිනේ බොහෝ පළාත්වල සවස දෙකන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වනවා. එසේම උතුරු හා නැගෙනහිර පලාත්වලට උදේ කාලයේද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පලාත්වලට මිලිමීටර් 75 - 100 පමණ තද වැසි ද බලාපොරොත්තු වනවා. තවද බස්නාහිර, සබරගමුව සහ මධ්‍ය පලාතේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මීදුම් තත්ත්වයක්ද අපේක්ෂා කරන්න පුළුවන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news