සයිටම් උපවාසය නිමවෙයි - මහාචාර්ය කාලෝ දෙමාපියන්ට වැද ආචාර කරයි

 11/09/2017 - 07:18
340 reads

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අවසන් කර තිබෙනවා.
ඒ, සයිටම් ආයතනය දෙසැම්බර් 31 වනදා සිට අහෝසි වන බව නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.
එම ආයතනය අහෝසි කරන බවට ජනාධිපතිවරයා විසින් තමන්ට ලිඛිතව දැනුම් දුන් බවයි උපවාසකරුවන් පැවසුවේ.
උපවාසය අවසන් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ රැලියක් පැවැත්වීමට ද සයිටම් විරෝධී ක්‍රියාකාරීන් කටයුතු කරනු ලැබුවා.
ඊට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්යය කාලෝ ෆොන්සේකා මහතා ද එක්වුණා.

අපේ ජීවිතයේ මේ තරම් සතුටක් ලැබුණු දිනයක් ගැන මට හිතන්න අමාරුයි. මේ ජයග්‍රහණය මේ වයෝවෘද්ධ සභාපති වෛද්‍ය සභාවේ කටමැත දෙඩෙව්ව නිසා සිදු වුණ දෙයක් නෙවෙයි. ඒක මේ තරුණ පරපුර නිදහස් අධ්‍යාපනය ජීවිතය වුණත් පරදුවට තබා මමත් රැකගන්නවා කියන මමත් විශ්වාස නොකළ අධිශ්ඨානයකින් කටයුතු කරපු මේ තරුණ ශිෂ්‍යයන් නිසා ඇති වුණු ජයග්‍රහණයක්. ඔබගේ ආදර්ශය නිසා තමයි මේ දෙමාපියන් තමන්ගේ ජීවිත පරදුවට තියලා මේ සටනට එකතු වුණේ. අපි සියලු දෙනා මේ දෙමාපියන්ට වැදලා ආචාර කරනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ද සයිටම් ආයතනය අහෝසි කිරීම පිළිබඳව අදහස් පළ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news